April 25, 2024

කථානායක ධූරය මෛත්‍රීටද? මහින්ද යාපාටද?

අභිනව නව වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන මහින්ද යාපා අබේවර්ධන මහතාට හිමිවනු ඇති බව සඳහන් වේ. 

මෛත්‍රීපල සිරිසේන මහතාට කැබිනට් ඇමතිධූරයක්ද වෙන් කර තිබී ඇති නමුත් ඔහුගේම ඉල්ලීම පරිදි එය වෙනස් කර ඇති බව කියවෙයි.

තමන්ට ලැබෙන අවස්ථාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙකුට ලබා දෙන ලෙස සිරිසේන මහතාගේ ඉල්ලීම වී ඇත. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු කණ්ඩායමක්ම මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය ධූර ඔවුන්ට හිමි නොවීමද විශේෂත්වයකි. 

Rate this item
(0 votes)