March 29, 2024

මාලක සිල්වාට ඇප

අත්අඩංගුවට ගනු ලැබු හිටපු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මහතා ඇප මත නිදහස් කර තිබේ.

තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජනය කර රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට තැත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (11)අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 16 වන දා තලංගම පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඊයේ (11) රාත්‍රී 8.40ට පමණ සැකකරු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ඇප මත නිදහස් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 August 2020 14:51