April 20, 2024

පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් අතුරින් දරුණුතම පසුබෑම දිනේෂ් ගුණවර්ධනගෙන් Featured

අවසන් වූ මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණු දිස්ත්‍රික් නායකයින් අතර දරුණුතම පසුබෑම ලබා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා බැව් පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.

සෑම දිස්ත්‍රික්කයකම පොදුජන පෙරමුණු කණ්ඩායම් නායකයා අදාළ ලයිස්තුවේ පළමු හෝ දෙවන ස්ථානයට පත් වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය දුන් ගුණවර්ධන මහතා 07 වන ස්ථානයට පසු බා තිබේ.

2015 අගෝස්තු මහ මැතිවරණයේදී එජනිස යෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කල ගුණවර්ධන මහතා 124451ක් ලබා ගනිමින් එම ලයිස්තුවේ 4 වන ස්ථානයට පත් වූ අතර මෙවර මහ මැතිවරණයේදී ඔහුට ලබා ගැනීමට හැකි වුයේ මනාප 58287කි. ඒ අනුව පසුගිය මහ මැතිවරණයේදී ලබා ගත් මනාප සංඛ්‍යාවට වඩා මනාප 39164ක් ඔහුට අහිමි වී තිබේ. 

පසුගිය පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට නායකත්වය දුන් ගුණවර්ධන මහතා පැවති භාරකාර රජයේ විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ රැසක වගකීම මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායක ධුරය ද උසුලන ලදී. 

Rate this item
(2 votes)