April 26, 2024

වෙල්ගමගෙන් අනාවැකියක් - මහින්දගෙන් පසු අගමැති බැසිල්

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනැවිත් අගමැති කරවීමේ සූදානමක ආණ්ඩුව සිටින බව සමගි ජන බලවේගයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග වැද ජයගත් කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

20 සංශෝධනය පාර්ලිමේන්තුව ගෙනැවිත් ඒ සඳහා අවශ්‍ය මාර්ගය හදාගන්නා බවත් තමන් අනාවැකියක් ලෙස අද එය පවසන බව ද ඔහු කියා සිටියේය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පැවති පිලිගැනීමේ ජනහමුවකින් පසු ජනමාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

Rate this item
(0 votes)