March 29, 2024

නිදහස ලැබූ සිරකරුවන් 62ක් යළි වැලිකඩ සිරගෙට කැඳවයි

වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් විඳ නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනෙකු යළි බන්ධනාගාරයට කැදවීමට තීරණය කර තිබේ.

මෙම පිරිස පළමු වරට වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ කොරෝනා ආසාදිතයා සමග කටයුතු කළ අයයි. අදාළ පුද්ගලයා ඉකුත් ජූනි 27 වැනිදා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ආවේ ජූලි පළමු වැනිදා පැවැත්වුණු නඩු කටයුත්තකට ඉදිරිපත් කිරීමටයි.

පසුව ජූලි 7 වැනිදා සිදුකළ PCR පරීක්‍ෂණයකදි මෙම රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය. ඒ අනුව මෙලෙස යළි කැඳවීමට තීරණය කර ඇති නිදහස ලැබූ පුද්ගලයින් 62 දෙනා අදාළ කාලය තුළ බන්ධනාගාරයේ රැදී සිටි අය බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 

වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 300 කට වැඩි පිරිසක් මේ වනවිටත් PCR පරීක්‍ෂණ සදහා ලක් කර අවසන් කර ඇත. වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවූ තවත් 242 දෙනෙකුද නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් දෙදෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් රෝහල්ගත කෙරිණි.

Rate this item
(0 votes)