March 29, 2024

වැටලීම්වලට පෙර ජාවාරම්කරුවන්ට ඔත්තු දීලා - තවත් පොලිස් නිලධාරියෙකුගේ වැඩක් හෙළිවෙයි

පානදුර ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු ලබාදුන් බවට සැක කෙරෙන පානදුර දකුණ පොලීසියේ වංචා දූෂණ අංශයේ නිලධාරියෙකු සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

මෙම සැකකරු වැටලීම සිදුවීමට පෙර ඒ පිළිබද අදාළ පාර්ශ්ව වෙත තොරතුරු ලබාදෙන බවට මූලික පරීක්‍ෂණවලදි අනාවරණ වී ඇත.

මෙම පොලිස් නිලධාරියා පිළිබද තොරතුරු අනාවරණ වී ඇත්තේ පානදුර ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පිළිබද සිදුකළ පරීක්‍ෂණයකදීයි.

ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පසුව පැමිණි අවස්ථාවක පානදුර දකුණ පොලීසියේ වංචා දූෂණ අංශයේ මෙම නිලධාරියා ඒ පිළිබද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිදට දුරකතනයෙන් දැනුම් දී තිබේ.

කෙසේවෙතත් ඒ අවස්ථාවේ බිරිදගේ දුරකතනය තිබී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සතුවයි. ඒ අනුව මෙම සැකකරු පිළිබද තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වී තිබේ.

Rate this item
(0 votes)