April 26, 2024

මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලටත් නිරෝධායන නීති දෙකක් - පාඨලී

මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ආණ්ඩුවට එකකුත් විපක්ෂයට තව එකකුත් වශයෙන් නිරෝධායන නීති දෙකක් ක්‍රියාත්මක වන බව සමඟි ජන බලවේගය නායකත්ව මණ්ඩල සාමාජික පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

විපක්ෂයේ පක්ෂ මීටරයක දුර තබා ගනිමින් ආසන වල අසුන් ගනිමින් පෝස්ටර් හා කටවුට් නොමැතිව මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ යුතු අතර පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය එකිනෙකා තෙරෙපෙමින් පෝස්ටර් හා කටවුට් සහිතව කරන බවද ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කරන්නෙත් දෙබෙඩි පිළිවෙතක් බවද ඔහු සඳහන් කරයි.

අරුමුගන් තොණ්ඩමන් මහතා මියගිය රෝහලට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පුත්‍රයා වැළඳ ගනිමින් ආරම්භ කළ නිරෝධායන නීති කඩ කිරීම අද ජනාධිපතිවරයා හා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් කරන බවද ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 July 2020 22:21