April 19, 2024

මහින්දට ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන මතයක් තිබ්බේ නැහැ

ත්‍රස්තවාදය අවසන් කළේ මහින්ද රාජපක්ෂ මහතා බව කීවද ඔහුට ත්‍රස්තවාදය අවසන් කිරීම ගැන කිසිම මතවාදයක් නොතිබුන බව ජාතික ජන බලවේගයේ නායක පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරයි.

ඒකීය භාවය මැතිවරණ ප්‍රකාශයට දැම්මොත් සුළු ජාතිකයන්ගේ සහය තමන්ට ලැබෙන්නේ නැති බව 2005 ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවද සඳහන් කළ උන්වහන්සේ ඒකීය භාවය ප්‍රතිපත්ති ප්‍රකාශනයට දැම්මේ අපේ බලපෑමට බවද ප්‍රකාශ කරයි.

ඒකීය භාවය නැතිනම් තම පාර්ශවය මහින්ද රාජපක්ෂ මහතාට සහය නොදෙන බවද දැනුම් දීම නිසා ඒ අවස්ථාවේ රාජපක්ෂ මහතා සිය ස්ථාවරය වෙනස් කළ බවද උන්වහන්සේ ප්‍රකාශ කරයි.

මේ ගැන කතා කරන්න තමන් සමඟ සංවාදයකට එන්න යැයි මහින්ද රාජපක්ෂ මහතාට අභියෝගයක්ද එල්ල කරන බව උන්වහන්සේ සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 July 2020 14:20