March 29, 2024

රනිල්ව අගමැතිකමෙන් ඉවත් කරන්න හිටපු ජනපතිගෙන් ඉල්ලීම කළේ රවී කරුණානායක Featured

2018 ඔක්තෝම්බර් මස සිදු වූ ප්‍රජාතන්ත්‍ර ආණ්ඩු විරෝධී පෙරලියේදී එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාව එම ධූරයෙන් ඉවත් කරන ලෙස එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා බවට විශේෂ හෙළිදරව්වක් පාඨලී චම්පික රණවක මහතා විසින් ඒෂියන් මිරර් වෙත කරන ලදී.

පාඨලී චම්පික රණවක මහතා ද ඒ අවස්ථාවේ යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන ලදී.

තමාට දුශිතයෙකු ලෙස රවී කරුණානායක මහතා දිගින් දිගටම කරන චෝදනාවන්ට පිළිතුරු දෙමින් රණවක මහතා සඳහන් කළේ තමන් වගකීම දැරූ සෑම ආයතනයක්ම විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලය ඇතුළු පාඩු ලැබූ ආයතන ලාභ ලබන තත්වයට ගෙන ආ කෙනෙක් බවත් තමාට එරෙහිව දුෂණ චෝදනා ඇත්නම් ඒවා හෙළිදරව් කරන ලෙස කරුණානායක මහතාට අභියෝගයක්ද කරන ලදී.

රවී කරුණානායක මහතා දැන් කටයුතු කරන්නේ කැඩී ගිය එක්සත් ජාතික පක්ෂය තව තවත් දුර්වල කොට රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් පන්නා එම තැන තමා වෙත ලබා ගැනීමට බවද රණවක මහතා අවධාරණය කරයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 10 July 2020 22:11