April 25, 2024

වර්තමාන දේශපාලනඥයින් මාධ්‍ය ඉදිරියේ රඟපානවා - රනිල්

වර්තමානයේ දේශපාලනයට පැමිණෙන මන්ත්‍රීවරුන් තුළ දක්නට ලැබෙන විශාලම දුර්වලතාවය නම් ජනතාව සමග යහපත් සම්බන්ධතාවයක් පවත්වා නොගැනීම බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වී. ඒ. සුගතදාස මහතාගේ ගුණ සමරු උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ වත්මන් දේශපාලකයින් ඡන්දදායකයින් වෙනුවෙන් සේවය කිරීම වෙනුවට මාධ්‍ය ඉදිරියේ රඟපෑමක් සිදුකරන බවය.

එනිසා ඡන්ද දායකයින්ට මන්ත්‍රීවරුන් එපා වී ඇති බවත් ඒ මහතා පැවසීය.

එසේම ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයෙන් බුද්ධ ධර්මයට අනුව ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම පිළිබඳව යෝජනා ගෙනඒමට කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

අදට යෙදී තිබෙන වී.ඒ සුගතදාස මහතාගේ 47 වැනි ගුණ සමරුව වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය අසළ ඉදිකර තිබෙන ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීම ද නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි. 

Rate this item
(0 votes)