April 26, 2024

අඩි 6ක් යටට යන්න වෙනවා කියූ හිටපු ජනපති යළිත් රාජපක්ෂවරු ගාවට ඒම දෛවයේ සරදමක් (VIDEO)

තමන් පරාජය වුනා නම් සිටින්නේ අඩි 6ක් යට යැයි කියූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යලිත් රාජපක්ෂවරුන් වෙත ඒමට සිදු වීම දෛවයේ සරදමක් බව පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

රාජපක්ෂවරුන්ට හොරු හොරු කියූ සෑම දෙනාම දැන් හොරු වී ඇති බවත් රාජපක්ෂවරුන් නිවරැදි වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

යහපාලන ආණ්ඩුව රාජපක්ෂ රජය කාලයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති ගැන සෙවීමට කමිටු දැම්මත් එක වැරැද්දක්වත් සොයා ගැනීමට නොහැකි වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 July 2020 14:04