March 29, 2024

නාකොටික් රංගජීව මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියෙකුට තර්ජනය කර ඇඳගෙන යයි (VIDEO)

වැඩ තහනමට ලක්ව සිට යළි සේවයේ පිහිටුවා ඇති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, අද  (10) කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුට තර්ජනය කර, ඇදගෙන ගොස් උසාවි පොලිස් මුරපොළට භාරදී තිබේ.

එම පුවත්පත් ඡායාරූප මාධ්‍යවේදියා පැවසුවේ තමන් මාධ්‍යවේදියෙකු බව අනන්‍යතාව තහවුරු කරද්දී පොලිස් පරීක්ෂක රංගජීව මෙසේ සිදු කළ බවයි.

පොලිස් මුරපොලේ දී තම කැමරාවේ ඡායාරූප චිපය ඉවත් කරගත් බව ඔහු පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ නඩුවේ පළමු විත්තිකරු වන්නේ ද, නියෝමාල් රංගජීව මහතායි.

රංගජීව මහතා අද පස්වරුවේ පැවැත්වෙන වැලිකඩ බන්ධනාගාර නඩුවේ විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට ද නියමිතය.

Rate this item
(2 votes)
Last modified on Friday, 10 July 2020 13:01