March 29, 2024

නාමල්ගෙන් අලුත්ම කැටයම් කලාවක් Featured

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ දිනවල නව දේශපාලන මෝස්තරයක් ජනතාවට දායද කරමින් සිටි.

ඒ පොදු ජන පෙරමුණ ආණ්ඩුව යටතේ සිදුවෙන ඇතැම් ක්‍රියාකාරකම් දැඩි විවේචනයට ලක්කොට ඒ ගැන වාහම සොයා බලන ලෙස කරන ඉල්ලීමයි.

ඔහු ප්‍රථමයෙන් හෝමගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදි කිරීම මේ අවස්ථාවේ නොකළ යුතු දෙයක් බව ප්‍රකාශ කළ අතර ඉන්පසුව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කලමණාකරණ දෙපාර්තුමේන්තුව විසින් රුපියල් මිලියන 889ක වියදමින් ඩෙන්මාර්ක් සමාගමක් හරහා කළ ගල්කිස්ස වෙරළට වැලි පොම්ප කිරීමේ ව්‍යාපෘතිය විවේචනය කළ අතර ඉන් සිදුව තිබෙන අක්‍රමිකතාවය වහා සොයා බලා පිළියම් යොදන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉන්පසු ඉකුත් ජූලි 09 වැනිදා කොල්ලුපිටියේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී පෙරටුගාමී සමාජවාදී පක්ෂය කළ විරෝධතාවයට පොලීසිය එල්ල කළ ප්‍රහාරය දැඩිව විවේචනය කොට ඒ ගැන වහා සොයා බලන ලෙස ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ලදී. එහෙත් මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලීම කළේ කාගෙන්ද යන්න එහි සඳහන්ව නැත.

ඔහුගේ මෙම ඉල්ලීම් ඉල්ලීම්වලට පමණක් සීමා වී ඇති අතර ඊට වගකිව යුතු කිසිවෙකුත් ප්‍රතිචාර දක්වා නොමැත.

නාමල් රාජපක්ෂ මහතා ඉදිරි මහා මැතිවරණය ඉල්ලක්ක කර ජනතාව රැවටීමේ ප්‍රෝඩාවක නිරතව සිටින බව විරුද්ධවාදීන් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 June 2020 23:39