April 18, 2024

ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හෙටත් පාරට බහින්න අපි සූදානම්

නිදහස් අධ්‍යාපනය, ජාතික සම්පත්, මානව හිමිකම් හා ඉදිරියේදී අහිමි වීමට නියමිත රැකියා අවස්ථා රැක ගැනීමට ජනතාව වෙනුවෙන් ඕනෑම මොහොතක පාරට බැසීමට තම පක්ෂය සුදානම් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා සඳහන් කරයි.

පසුගිය ජුනි 9 වනදා කොල්ලූපිටියේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඉදිරිපිට ට පැමිණියේ එසේ එකේ පැමිණිය යුතු හේතුවක් නිසා බවත් එය සඳහා එදින හැර වෙනත් දිනයක පාරට බැසීම තේරුමක් නැති වැඩක් බව ද ඔහු පෙන්වා දෙයි.

එදින ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු සිදු වූ දිනය බැවින් ඇමරිකාවේ අධිරාජ්‍යවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිළිවෙළ ගැන රටට කිව යුතු දිනය එදින බවද ඔහු අවධාරණය කරයි.

ඉදිරියේ දී ජනතාවගේ අයිතීන් වෙනුවෙන් තම පක්ෂය ඕනෑම මොහොතක පාරට බසින බවත් ජනතාව වෙනුවෙන් කරන මෙම අරගලය ජනතාව ඉතා නුදුරේම තේරුම් ගනු ඇති බවත් ගුණරත්නම් මහතා සඳහන් කරයි.

කුමාර් ගුණරත්නම් මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 11 June 2020 10:12