March 28, 2024

බුද්ධික හා චතුර ඉදිරියෙන් - මංගල ඉවත් වුණේ පරාජයට බයෙන් Featured

එළඹෙන මහ මැතිවරණයේදී තරග බිමෙන් ඉවත්වීමට මංගල සමරවීර මහතා තීරණය කරන ලද්දේ ස්ථිරවම එම මැතිවරණයේදී ඔහු පරාජය වන බව දන්නා නිසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික්කයෙන් මහජන නියෝජිතයින් අටදෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට නියමිත අතර ඉන් 3ක් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර බෙදී යනු ඇති බව පෙන්වා දෙන එම ආරංචි මාර්ග ඊට සමරවීර මහතාට මහතාට ඇතුලත් වීමට තරම් අවශ්‍ය මනාප නොලැබෙන බව ද පෙන්වා දෙයි.

බෞද්ධ පසුබිමක් ඇති මාතර දිස්ත්‍රික්කයේ ජනතාව මංගල සමරවීර මහතාගේ බෞද්ධ විරෝධී ස්ථාවරය මෙන්ම මුදල් මෙන් ම මුදල් ඇමතිවරයා ලෙස ගත් ජනතා අප්‍රසාදයට පත් නිසා මංගල සමරවීර මහතාට ජයග්‍රහණය කිරීම බාධාවක් වී තිබේ.

1989 සිට මහ මැතිවරණ 7කට මුහුණ දී ඉන් ජයග්‍රහණය කර ඇති සමරවීර මහතා ඉන් පහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමඟ ද ඉතිරි දෙක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමඟ එකතු වී තරග කරන ලදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බුද්ධික පතිරණ මහතා හා හිටපු දකුණු පළාත් සභා පළාත් සභා මන්ත්‍රී වරයකු වන චතුර ගලප්පත්ති මහතා මෙවර මාතර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේග ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වනු ඇති බවට විශ්වාස කෙරේ. චතුර ගලප්පත්ති මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයා ය.

මෙවර 8 වැනි වතාවට ඉදිරිපත් වන මහ මැතිවරණයේ පරාජය වීමට ඇති අකමැත්ත මත ඔහු එම තීන්දුව ගත් බවත් ඔහුගේ නම අපේක්ෂක ලැයිස්තුවේ තිබෙන බැවින් ඔහු සඳහා ලබාදෙන මනාප හරහා සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ ජනතාව තුළ තිබෙන අප්‍රසාදය දැකබලා ගැනීමට හැකි වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)