අද (26) සිට සම්පුර්ණයෙන්ම විවෘත වෙන රටේ අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යෑමට සහ ඒමට ලංගම බස්රථ 5000ක් යොදවන බවත් රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කළ බව මගී ප්‍රවාහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
එහෙත් අද රෑට මේ සම්බන්ධයෙන් තමාට බැනුම් ඇසීමට සිදුවෙන බවද අමරවීර මහතා පෙන්වා දීම විශේෂත්වයකි.
පසුගිය මැයි 11 සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අතවශ්‍ය රාජකාරී සඳහා සීමිත ප්‍රවාහන පහසුකම් ලංගම සැපයූවද පනවා තිබූ නීති රීති මත අවශ්‍ය ප්‍රමාණයට සරිලන බස් රථ නොමැති කමින් සේවක සේවිකාවන්ගේ දැඩි විරෝධය අමරවීර මහතා වෙත එල්ල විය.
බොහෝ පිරිසක් බස් රථ නොමැති කමින් රැකියාවට නොගොස් නිවෙස් බලා ගිය අතර තවත් පිරිසක් වෙන් කරගත් දුම්රියට පැමිණීමට බස් රථ නොමැතිකම නිසා රැකියාවට යෑමට නොහැකි විය.