April 20, 2024

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සීමා කිරීමේ සූදානමක්?

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.  

ඒ මහතා ප්‍රකාශ කරන්නේ නාවික හමුදා ගැටලුව ද තවමත් විසඳී නැති පසුබිමක විශාල වශයෙන් විදෙස් රටවල සිට පුද්ගලයින් පැමිණීම ගැටලුකාරී විය හැකි බවයි.

එ නිසා ඉදිරියේ දී විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි රජය තීරණයක් ගනු ඇති බව ඒ මහතා පවසයි.

ඉදිරි දින දෙක තුළ විවිධ සමාජ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ 50 ක් පමණ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව මහජනතාව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් එම මාර්ගෝපදේශ තුළින් දැනුම් දීමට බලාපොරොත්තු වන බව අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)