April 19, 2024

‘කවසාකි‘ රෝගයට බියවිය යුතු නෑ - වෛද්‍ය පාදෙණිය රෝගය ගැන පහදයි

කුඩා දරුවන් අතර පැතිර යන බව කියන කාවසාකි රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගත යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

අදාළ රෝගි තත්ත්වය මීට වසර 20කට පමණ පෙර සිට මෙරට පැවති රෝගි තත්ත්වයක් වන අතර වාර්තා වන රොගින් සංඛ්‍යාවද ඉතා අවම මට්ටමක පවතින බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ කුඩා දරුවන් අතර පැතිර යා හැකි කවසාකි නැමති රෝගි තත්ත්වයක් පිළිබඳ ලෝකයේ බොහෝ රටවල්වල මේ වන විට අවධානය යොමුව තිබේ.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ එම රෝගි තත්ත්වය පිළිබඳ කිසිදු අනිසි බියක් ඇති කර ගත ‍යුතු නොමැති බවයි.

මේ අතර මේ වන විට මී උණ රෝගය දිවයනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවන බව මහානුවර මහා රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ කුලරත්න මහතා පවසයි.

මි උණ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම රජයේ රෝහලකට ඇතුළත් වි ප්‍රතිකාර ලබා ගැනිමට පෙළඹිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)