April 18, 2024

ස්වාධීන කොමිෂන් අසාර්ථක බව මැතිවරණය කොමිෂම ඔප්පු කළා Featured

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා අසාර්ථක බව මැතිවරණය කොමිෂන් සභාව විසින් මේ වන විට ඔප්පු කර තිබෙන බව සමාජ ව්‍යවසායක එරන්ද ගිනිගේ මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිෂමේ ප්‍රධාන කොමසාරිස්වරුන් තිදෙනාගෙන් දෙදෙනෙකු එකිනෙකාට විරුද්ධව ප්‍රසිද්ධියේ ප්‍රතිවිරුද්ධ මත දරමින් කටයුතු කිරීම තුළින් ඒ බව සනාථ වන බව ගිනිගේ මහතා පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා අතර සිදුවෙන මෙම මත ගැටුමෙන් ජනතාවගේ පරමාධිපත්‍ය අභියෝගයට ලක්ව තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කරයි.

ගිනිගේ මහතා මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සංවාදයකට එකතු වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Friday, 22 May 2020 13:20