March 29, 2024

“විශාල ක්‍රිකට් ක්‍රිඩාංගණය ප්‍රමුඛ අවශ්‍යතාවයක්ද?” - නාමල්, යෝෂිත ප්‍රශ්න කරයි

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට නියමිතව ඇති මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව බොහෝ උණුසුම්වාද විවාද ඇති මොහොතක වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ පුතුන් වන නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ මහත්වරුන්ද ඒ පිළිබඳව විවේචනයක් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඔහුගේ පෞද්ගලික ට්විටර් සමාජජාල ගිනුමේ සටහනක් තබමින් පවසා තිබුණේ මෙවන් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී බලධාරීන් සෑම පාර්ශවයක් සමග කරුණු සාකච්ජා කොට ඔවුන්ගේ මතය දැන ගැනීම වැදගත් බවයි.

එමන්ම ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ ඕනෑම ක්‍රීඩාවක යටිතල පහසුකම් සංවර්ධනය අත්‍යාවශ්‍ය වන නමුත් මෙවැනි අවස්ථාවක මෙය ප්‍රමුඛතාවයක් ලෙස සැලැකිය යුතු නොවන බවයි.

මෙම ක්‍රීඩා පිටිය පිළිබඳව මුලින්ම විවේචනය කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ඉස්මතු කර ඇති කරුණ ගැන ඉතා බැරෑරුම් ලෙස සිතා බැලිය යුතු බවද හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

හිටපු රග්බි ක්‍රීඩකයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා ද ඔහුගේ පෞද්ගලික ට්විටර් ගිනුමේ සටහනක් තබමන් ප්‍රකාශ කර තිබුණේ වර්තමාන සෞඛ්‍ය අර්බුධය දෙස බලන විට ක්‍රිකට් පිටියක් ඉදිකිරිම වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘතියක් අවශ්‍ය නොවන බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 May 2020 23:07