April 26, 2024

එජාපය හරහා ඇමෙරිකන් අතපෙවීමක් - NGO කුමන්ත්‍රණයක් ගැන ගම්මන්පිලගෙන් හෙළිදරව්වක්

මෙරට ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ පිළිබඳ සාවද්‍ය තොරතුරු මාධ්‍ය ඔස්සේ පළ කිරීම සඳහා වෙරිටේ රිසර්ච් නම් රාජ්‍ය නොවන සංවිධානයක් මුදල් යොදා ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් ගැන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

අමෙරිකාන් අතපෙවීමක් මේ දිනවල එක්සත් ජාතික පක්ෂය හරහා රටේ ජනතාවගේ මනසට සිදු කරනු ලබන බලපෑම පිළිබඳව විශේෂ හෙළිදරව්වක් සිදු කරන බව ඔහු සඳහන් කළේය.

දේශපාලනඥයින්ගේ ප්‍රකාශ ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා නව රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇතැයි ද විවිධ දේශපාලනඥයින්ගේ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාවය ගැන මාධ්‍යවල විවිධ වාර්තා පළකිරීමක් පසුගිය කාලයේ සිදු කළ බව ද මේ ගැන පර්යේෂණයක් කළ බවද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව 2018 ජූලි මාසයේ සිට මෙම රාජ්‍ය නොවන සංවිධානය විසින් ජනාධිපතිවරණය දක්වා කාලසීමාවේ දී දේශපාලනඥයින්ගේ ප්‍රකාශවල නිවැරදි බව පිළිබඳ පුවත්පත් දැන්වීම් 51ක් පළ කර ඇති බවද ගම්මන්පිල මහතා පැවසීය.

ජනතාව ගෙදර යැවු දේශපාලඥයින් 51 දෙනකුගේ ප්‍රකාශ 17ක් සත්‍ය බවට මේ අය දැන්වීම පළ කරද්දී තමන්ගේ පිලේ කිසිවෙක් කල ප්‍රකාශයක් සත්‍ය යැයි පැවසීමට මොවුන්ට හැකියාව නොලැබුණ බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

තම පිල විසින් සත්‍ය කරුණු අසත්‍ය යැයි පළ කර ඇතැයි ද ගම්මන්පිල මහතා මෙහිදි කියා සිටි අතර, මේ සංවිධානය නඩත්තු කරනු ලබන්නේ වෙරිටේ රිසර්ච් නැමති රාජ්‍ය නොවන සංවිධානයෙන් බවත් ඔවුන් යුරෝපයෙන්, අමෙරිකාවෙන් ආධාර ලබා ගන්නා බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)