April 24, 2024

"මැතිවරණ කුලප්පුව තියෙන්නෙ විපක්ෂයට - කවදා තිබුණත් අපි දිනනවා" - ලක්ෂ්මන් යාපා

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හෝ ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මැතිවරණය පවත්වන්නේ මැතිවරණ කොමිසම මිස ආණ්ඩුව නොවන බවත්, මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කිරීම කොමිසමේ කාර්යභාරයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ලක්ෂ්මන් යාපා මහතා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

කුමන දිනයක මැතිවරණය පැවතියද උතුරු-නැගෙනහිර හැර සෙසු පළාත්වල විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බවත් එම ජයග්‍රහණය නතර කිරීමට කිසිවෙකුටත් නොහැකි බවත් ලකෂ්මන් යාපා මහතා පවසයි.

ඒ නිසා මැතිවරණය පිළිබඳ බියට පත්ව සිටින්නේ විපක්ෂය බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. බියට පත්ව සිටින විපක්ෂයේ කණ්ඩායම් කුලප්පු වී නැති ප්‍රශ්න ඇති කරමින් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)