April 26, 2024

උදය ගම්මන්පිල විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි රැස් කරන්න කියන අයට කළ සරදම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවීමට හැකි බව කියමින් සිටින නීති තර්ක නොතේරෙන පිරිස් හට අපුරු පිළිතුරක් ලබා දී තිබේ.

 ඔහු විසින් ට්විටර් සමාජජාල වෙබ් අඩවියේ සටහනක් තබමින් මෙලෙස හාස්‍ය ජනක මෙන්ම නිර්මාණත්මක පිළිතුරක් ලබා දී තිබේ. ඔහු ඒ සඳහා ගායන ශිල්පි අතුල අධිකාරී විසින් ගායනා කරන විසිරුණු තොල්පෙති ගීතය යොදාගෙන තිබුණි.

 ගම්මන්පිල මහතා ඔහුගේ ට්විටර් සටහනේ පවසා තිබුණේ “විසුරුනු මැති සබේ යළි කැඳවන්න බැරි බව නීති තර්ක නොතේරෙන අයට අතුල අධිකාරී තේරෙන බසින් කිව්වේ මෙහෙමයි” යන්නයි.

ඉන්පසුව ඔහු විසින් ගීතයේ කොටසක් ද උපුටා දක්වා තිබුණි.

“විසුරුනු මල් පෙති දෝතට ගත් කුමරි

ඒ පෙත් එක්කර මලක් සොයන බොලඳි

සරදම් නොකරමි ආදරයෙන් කියමි

විසුරුනු මල් පෙති යළි මලක් නොවේ නැගනි...”

මෙම ට්විටර් සටහන බොහෝ දෙනෙකුගේ අවධානයටද යොමුව තිබුණි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 May 2020 13:35