August 13, 2020

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් ජනපතිට පැසසුම්

කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා සහ තමන් මේ ගැන ඉතා වැදගත් දුරකථන සංවාදයක නිරත වු බවත් ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ ඇතිවිය හැකි සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ගැන එහිදී සාකච්ඡා කළ බවත් ඔහු එමගින් සඳහන් කරයි.

Rate this item
(0 votes)