April 19, 2024

මෛත්‍රී එක්ක ශ්‍රීලනිපයේ පිරිසක් සමගි ජන බලවේගයට?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් විශාල පිරිසක් මහ මැතිවරණයෙන් අනතුරුව සමගි ජන බලවේගය සමගින් එක්වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන තුරු හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාව සිය පර්ශවයේ තබා ගත්තද ඉන්පසුව ඔහුව පලවා ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පවසයි.

එම නිසා අවසානයේ සිදු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සමගි ජන බලවේගය සමඟ එකතු වීමට බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

 

 

 

 

Rate this item
(0 votes)