April 20, 2024

දිස්ත්‍රික්ක කිහිපයක පොහොට්ටුවේ ප්‍රචාරක රැස්වීම් අත්හිටුවයි

මහජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික්ක කිහිපයක ඉදිරි මැතිවරණ ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ අනුව අදාල දිස්ත්‍රික්කවල ජනතාව බහුලව ගැවසෙන රැස්වීම් හෙටින් පසුව සති දෙකක කාලයක් නවතා දැමීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

මේ අතර රට තුළ පවතින අයහපත්  වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද සිට අත්හිටුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (14) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තම රජය වඩා සැලකිලිමත් වන බවත් එම නිසා මෙම තීරණය ගත් බවත් ඔවුහු පැවසූහ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2020 21:37