March 29, 2024

මිල සුත්‍රය තිබුනා නම් ඉන්ධන මිල රුපියල් 20කින් අඩු වෙනවා - මංගල

ඉන්ධන මිළ සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින් ඉන්ධන මිල තීරණය කිරිම සඳහා පසුගිය ආණ්ඩුව ඉන්ධන සූත්‍රයක් ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව සෑම මාසයකම 10දා ඉන්ධන මිල සංශෝධනය කළේය.

සිංගප්පූරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සූත්‍රය  ක්‍රියාත්මක කළ බවත් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇතැයිද මංගල සමරවීර මහතා ‌පෙන්වා දුන්නේය.

වත්මන් රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව ඇති බවත් ඔහු පවසයි.

ඒ වගේම තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වන ගෘහස්ථ ගෑස් සඳහා ද යහපාලන රජය විසින් මිල සූත්‍රයක් හඳුන්වාදීමේ ප්‍රතිපලයක් ලෙස 2015 දී රු 2000 ට වඩාවැඩි මුදලකට විකුණු 12.5 කිලෝ ග්‍රෑමයක ගෑස් සිලින්ඩරයක මිල අද වන විට රු 1500 දක්වා අඩු කර තිබේ.
 
ඒ අනුව සින්ගප්පූරු වෙළඳ පොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 65 ක් ව තිබියදී 2019 සැප්තැම්බර් මස අවසන් වරට මිල සූත්‍රය අනුව තෙල් මිල පහත පරිදි සංශෝධනය කරන ලද අතර එය 2019 සැප්තැම්බර් මස ට සාපේක්ෂව 2020 මාර්තු වන විට තිබිය යුතු තෙල් මිල,

ඉන්ධන වර්ගය       පැවති මිල රු.    2019 සැප්10 දා        2020 මාර්තුවේ වෙනස් කළ 

                                     සංශෝධිත මිල රු           යුතු ව තිබූ මිල රු

ඔක්ටේන් 92 පෙට්‍රල්      138/-                   137/-                          117/-

ඔක්ටේන් 95 පෙට්‍රල්      163/-                    161/-                          141/-

ඔටෝ ඩීසල්                104/-                 104/-                           84/-

සුපිරි ඩීසල්               134/-                   132/-                         112/-

අද වන විට එනම් 2020 මාර්තු මස 07 වනදා වන විට ලෝක වෙලඳ පොලේ බොරතෙල් මිල 30 % ටත් වඩා අඩු ප්‍රමාණයකින් අඩු වී ඇත. 2019 සැප්තැම්බෙර් මස ඇ.ඩො. 65 සිට අද වන විට ඇ.ඩො 45 දක්වා බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල බෙහෙවින් අඩු වී ඇත.

ඒ අනුව 2019 මෙම රජය ජනතාවට සහන දීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ නම් 2019 සැප්තැම්බර් 10 ට සාපේක්ෂව 2020 මාර්තු වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රු 20 කින් අඩු කිරීමට අවස්තාව තිබේ. 

Rate this item
(0 votes)