March 29, 2024

එළවළු මිල සොයා ජනපති කඩේ යයි

February 19, 2020

තමා ප්‍රතිඥා දුන් පරිදි ''සුරක්ෂිත රටක්'' බිහිකිරීමට පසුගිය තෙමස තුළ කැපවීමෙන් කටයුතු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ගලහ ප්‍රෙද්ශයේ අද (19) පැවති උත්සවයකට එක්වෙමින්.

රට හදන ''සෞභාග්‍යයේ දැක්ම'' වැඩපිළිවෙළෙහි තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.

ව්‍යාපෘතිය ආරම්භ වුණේ පේරාදෙණිය, ගලහ, දෙල්තොට හරහා රිකිල්ලගස්කඩ මාර්ග සංවර්ධන කටයුතු අරඹමින්.

ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා සහභාගි වූ පළමු මහජන හමුව ද මෙය වේ.

ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාව සමඟ සුහද කතාබහක ද නිරත විය.

මේ අතර,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගලහ ප්‍රදේශයේ එළවළු මිල ගණන් පිළිබඳ විමසීමක්  කළේය.

මේ අතර මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරිමේ වැඩපිළිවෙලේ ජාතික උත්සවයට සමගාමීව තවත් උත්සවයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර , මිනිපේ, මොරයාය ප්‍රෙද්ශයේදී පැවැත් විය. 

Rate this item
(0 votes)