December 14, 2019

සෑම පුරවැසියෙකුටම එක නීතියක් - සජිත්

මෙරට සෑම පුරවැසියෙකුටම එක නීතියක් යටතේ එක හා සමානව සළකන ඒකීය ශ්‍රී ලංකාව ශක්තිමත් කිරීමට තමන් ඇප කැපවන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ යාපනය නගරයේ පැවතිජන රැළියට එක්වෙමිණි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“යුද්ධයෙන් පසුව පැවැත්වීමට නොහැකි වූ ජාත්‍යන්තර ආධාරක සමුළු උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට ගෙන ඒමට මා කටයුතු කරනවා. යාපනයේ සෑම ගම්මානයක්ම සංවර්ධනයකර ජන ජීවිතය නගා සිටුවීමට පියවර ගන්නවා. ජන සමාජයෙන් ජාතිවාදය, ආගම් වාදය අතුගා දමා සැමට සමානව සළකන රටක් අප නිර්මාණය කරනවා.  යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ15 ක්  තිබෙනවා. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 තුළ නව තාක්ෂණ විද්‍යාල 15 ක් අප ආරම්භ කරනවා. ඒ තුළින් තරුණ පරපුරට ඩිජිටල් තාක්ෂණ විප්ලවයේ ප්‍රතිලාභ උදා කර දෙනවා. මෙම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15 තුළ නව කර්මාන්තපුර 15 ක් ඉදි කර යොවුන් පරපුරේ රැකියා ප්‍රශ්නයට විසදුම් අප ලබා දෙනවා”

Rate this item
(0 votes)


DLB Desktop