December 14, 2019

ISIS අවසන් කරන්න අපිට ජාත්‍යන්තරය සමඟ එකතු වෙන්න වෙනවා - අගමැති

අයි එස් අයි එස් සංවිධානය විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකාවද ජාත්‍යන්තරය සමඟ එක් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වත්තල නගරයේ පැවති ජන රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

"අපි හැමෝම පාස්කු ඉරිදා ගැන කණගාටු වෙනවා. එතන අතපසු වීමක් ලැබුණු තොරතුරු ගැන ක්‍රියා නොකිරීම අපි පිළිගන්නවා. ඒකයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දාලා අපි කරුණු හෙළි කළේ. එදා මේක සිදු වුණු දවසේ ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් මට කතා කරලා ආධාර ඕනේද ඇහුවා. මම කිව්වා ආධාර වුවමනායි. අපිත් ආධාර දෙන්නම් කියලා. අපිත් කැමකියි අයි එස් අයි එස් නැති කරන සටනට එකතුවෙලා අයි එස් නැති කරන්න කියලා. එදා මම ඒක කිවුවා කියලා මට විරුද්ධව සන්ධානය කෑ ගැහුවා. දැන් දවස් කීපයකට කලින් ඇමරිකානු හමුදාව ගිහිල්ලා අල් බග්ඩාඩිව මරලා දැම්මා. තාම ඒ ගැන මහින්ද රාජපක්ෂ ස්තූතිය ප්‍රකාශ කරලා තියෙනවාද? ඒ ගැන වචනයක් කියන්න බැරිනම් කොහොමද ජාතික ආරක්ෂාව ගැන කතා කරන්නේ? අයි එස් අයි එස් සටන තවදුරට ගෙනියන්න ඕනේ. බග්ඩාඩි මැරුණා කියලා මේ කණ්ඩායම නැති වෙලා නෑ. ඒත් ඒක අවසන් කරන එක ලේසියි. ඒක කරන්න අපිට ජාත්‍යාන්තරය එක්ක එකට වැඩ කරන්න තියෙනවා."

Rate this item
(0 votes)