November 22, 2019

සජිත් ඡන්දේ ගන්න ජිල් විතරයි ගැහුවේ නැත්තේ - ඩිලාන්

රට බේරා ගැනීමේ අවසන් උත්සාහය සඳහා සියලු දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟින් එක්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මහියංගන වේවත්ත ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැළියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වුණොත් ඉන්නේ මහ පාරේ බව පවසන බවද කියා සිටි මන්ත්‍රිවරයා, අපි දන්න තරමට මහ පාරේ ඉන්නේ රථවාහන පොලීසියේ අය යන බවද කියා සිටියේය.

මෙම ඡන්දයෙන් ට්‍රැෆික් පොලිස් තෝරන්න නොව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාස මහතා එළිවෙනකල් නිදා නොගන්නා බවක් පැවසු බවත්, අපිට අවශ්‍ය වන්නේ මුරකරුවෙක් නොවන බවත් පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා පාරේ යද්දි ළමයි වොලිබෝල් ගහනවා දුටු විය ඔහුත් එයට එකතු වන බවත් ජනාධිපතිවරණය වෙනුවෙන් ජිල් බෝල විතරයි ගැහුවේ නැත්තේ යනුවෙන් ද ඩිලාන් පෙරේරා මහතා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් රට බේරා ගැනීමට ඇති අන්තිම බස් එක වන්නේ “ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බස් එක බවද“ මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය.

Rate this item
(0 votes)