November 22, 2019

පොහොට්ටුවේ ජය පැහැදිලියි - සේමසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හතාගේ නායකත්ව යටතේ සියයට 32ක් තිබූ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සියයට 24 දක්වා පසු බැස ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙන් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් සන්ධාන ගතවූ පක්ෂ සමඟ පොදුජන පෙරමුණ ඉතාම ශක්තිමත් තැනකට ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)