November 22, 2019

ජනපති එයි - ආපු පයින්ම යයි

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ධව කටයුතු කිරීම සම්බන්ධයෙන් යෝජනා සම්මත කර ගැනීම සඳහා පැවැත්වූ ආසන සංවිධායකවරුන්ගේ රැස්‌වීමට ජනාධිපතිවරයා හිටි හැටියේම පැමිණ එහි වාඩි වී කිසිවෙකුත් සමඟ කතා නොකොට එතැනින් ඉවත්ව ගිය බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

කලින් දැනුම්දීමකින් තොරව කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට ඒ ස්ථානයට ආ ජනාධිපතිවරයා පැමිණ සිටින ආසන සංවිධායකවරුන්ගේ සභාව අමතනු ඇතැයිද , ඉන්පසු ඔවුන් සමඟ දිවා ආහාරයට සහභාගී වෙතැයිද පක්ෂයේ ප්‍රධාන නිලතල දරන්නන් බලාපොරොත්තු වූවද එවැනි කිසිවකට සම්බන්ධ නොවූ ජනපති එතැනින් නික්ම ගොස් තිබේ.

මෙම සිදුවීම දෙස එහි සිටි ශ්‍රීලනිප සංවිධායකවරුන් පුදුමයෙන් මෙන් බලා සිට ඇත. 

Rate this item
(3 votes)