November 22, 2019

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ලේකම් කුමාර් ගුණරත්නම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාර් ගුණරත්නම් මහතා පත්වී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තුන්වැනි ජාතික මහා සමුළුව ඊයේ (13) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති අවස්ථාවේදී එහි මධ්‍යම කාරක සභාව මගින් ගුණරත්නම් මහතා එම තනතුරට පත්කර ගෙන ඇත.

කුමාර් ගුණරත්නම් මහතා එම තනතුරට පත්වීමට පෙර ප්‍රධාන ලේකම්ධූරයේ කටයුතු කළේ සේනාධීර ගුණතිලක මහතාය.

කොළඹ අද පැවැති එම පක්ෂයේ තුන්වැනි ජාතික මහ සමුළුවේදී සේනාධීර ගුණතිලක මහතා සංවිධායක ලේකම් , දුමින්ද නාගමුව මහතා ප්‍රචාරක ලේකම්,පුබුදු ජයගොඩ මහතා අධ්‍යාපන ලේකම්,චමීර කොස්වත්ත මහතා පාලක ලේකම් නිමල් මාත්තුහේවා මහතා මුදල් ලේකම් ලෙසත් පත්කරනු ලැබ සිටිති.

Rate this item
(0 votes)