November 22, 2019

ගෝඨාභයට හිස්බුල්ලාගේ හෝ රාසික්ගේ සහය නෑ - පොහොට්ටුවෙන් නිවේදනයක්

විවිධ පුද්ගලයන්ගේ නම් ඈඳාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ ඇතැමුන් සිදු කරන ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ අංශය පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ අද නිවේදනයක් නිකුත් කරමින්.

ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වාසියක් ලබාදීමේ අරමුණින් සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳ අශිෂ්ට ප්‍රකාශයක් සිදුකළ රාසික් නැමැත්තෙකු ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටින බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ තරයේ ප්‍රකාශ කරන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. 

Rate this item
(0 votes)