November 22, 2019

උතුරේ දේශපාලන නායකයින් පොඩි අර්බුදයක - අනුර

එක්සත් ජාතික පක්ෂය උතුරේ ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරිම නිසා එම පක්ෂයට යළි ඡන්දය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමට උතුරේ දේශපාලකයන්ට නොහැකි තත්වයක් නිර්මාණය වි ඇතැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මැතිවරණයකදී උතුරේ ජනතාව වෙනදා හැසිරුණු ලෙස නොව ‍මෙවර ජනාධිපතිවරණයේදී වෙනස ඇති බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂකවරයා පැවසීය.

Rate this item
(0 votes)