October 15, 2019

යන යකා කොරහත් බිඳගෙන යයි - ගෙදර යන ජනපතිගේ ආරක්ෂාවට ගෙනා වාහන දෙකේ බද්ද ලක්ෂ 1000යි (VIDEO)

නොවැම්බර් 17 වන දින සිය ධූරයට සමු දී නිවාස කරා යාමට නියමිත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ආනයනය කරන ලද වාහන දෙකක සුඛෝපභෝගී බද්ද ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 1000ක පරිපූරක ඇස්තම්න්තුවක් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව තවත් වියදම් සඳහා යැයි සඳහන් කරමින් සමස්ත පරිපූරක ඇස්තමේන්තුවේ වටිනාකම රුපියල් මිලියන 21410කි. 

ඊට රටපුරා ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් හරිත කමිටු පිහිටුවීම සඳහා රුපියල් නව කෝටි තිස් එක් ලක්ෂයකට අනුමැතිය ඉල්ලා තිබේ. එය අයත් වන්නේ පරිසර කටයුතු අමාත්‍යංශයටය. එය භාරව සිටින්නේ වත්මන් ජනාධිපතිවරයාටය. 

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට ගෙවීම් සඳහා මේ මගින් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 15කි.

මගී ප්‍රවාහන දුම්රිය මැදිරි 107ක් ලබා ගැනීමට රුපියල් දොළොස් කෝටි හතලිස් අට ලක්ෂයක්, සුවසැරිය ගිලන් රථවලට නැවතුම් මධ්‍යස්ථාන 300ක් ඉදිකිරීමට රුපියල් විසි කෝටියක්, මුහුදුබඩ දුම්රිය මාර්ග සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීමට තවත් රුපියල් 27 කෝටි හතළිස් හතර ලක්ෂයක් මේ පරිපූරක ඇස්තමේන්තුවෙන් වෙන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 October 2019 10:29