October 15, 2019

LTTE නිල ඇඳුමක් සොයා ගැනේ

වවුනියාව නව බස් නැවතුම්පල අසල ගැවසෙමින් සිටි පුද්ගලයෙකු ළග තිබී එල්.ටී.ටී.ඊ. නිල ඇදුමක් ඊයේ (08) සවස පොලීසිය විසින් සොයාගෙන තිබේ.

වවුනියාව බස් නැවතුම් පල ළැග සිටින පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ මත්ද්‍රව්‍ය ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසියේ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී මෙම ඇදුම හමු වී තිබේ.

පොලීසිය පවසන්නේ එය අලුත්ම ඇදුමක් වන අතර එල්.ටී.ටී.ඊ නිල ඇදුමට සමාන බවයි.

මෙසේ අත් අඩංගුවට පත්ව ඇත්තේ යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍ර‍දේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

(දිනසේන රතුගමගේ)

 

Rate this item
(0 votes)