October 15, 2019

අප්පච්චි නෙමෙයි බාප්පොච්චිත් මළා - විජිත් විජයමුණි Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට නම් සහාය ලබාදිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ, ඇල්පිටිය කැල්ලපත ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනහමුවට සහභාගි වෙමින්.

මෙහිදී අදහස් දක්වමින් විජිත් විජයමුණි සොයිසා මහතා පවසා සිටියේ, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තනි කිරීමට නොහැකි නිසාවෙන් පළාත් පාලන ආයතනය ජයග්‍රහණය කරවීම සඳහා උත්සහයක් ගැනීමට පැමිණි බවත් කියා සිටියේය.

සමහරු මෙහි ජයග්‍රහණයට ජනාධිපතිවරණය ලඝු කිරිමට බලාපොරොත්තු වන බවත් පැවසු මන්ත්‍රීවරයා, “ලෝක රූප සුනදරී තරගයට යන සුකොමාලිය ගමේ අවුරුදු උත්සවයට ඉදිරිපත් වෙන්නේ නෑ“ යනුවෙන් ද සඳහන් කළේය.

එනිසා පුළුවන් නම් සියයට 80 ක් ඡන්දය ලබා ගන්නැයි තමා පොහොට්ටු පක්ෂයට අභියෝග කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය සිටී නම් ගෝඨාභය පසුපස නොයන ලෙසත් එහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට ඉඩක් නොමැති බවත් කියා සිටියේය.

පොහොට්ටුව දිනුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි යනුවෙන් පැවසු මන්ත්‍රීවරයා, බේරෙනවා නම් බේරෙන්නේ එජාපෙ දිනුවොත් තමයි යනුවෙන් ද සඳහන් කළේය.

වීරවංශ මහතා පසුගිය දා මුදල් ඇමති ජනාධිපතිවරයා බවත් පැවසු බව කියා සිටි මන්ත්‍රිවරයා, “ අප්පච්චි නෙමෙයි බාප්පොච්චිත් මළා“ යනුවෙන් පැවසිය.

නායකයෙකු අතින් වෙන පුංචි වරදක් අල්ලා ගනිමින්  ඒ වරද පට්ට ගසන බවත් පැවසු විජිත් විජයමුණි සොයිසා මහතා, එය ජන ගත කරන තරම් රාජපක්ෂවරු පහත් තත්ත්වයට ඇඳ වැටී ඇතැයි ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසා සිටියේ, මෙම ස්ථානයට අගමැතිවරයාත් පැමිණීමට සිටි බවත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය අසාර්ථ වු බවත් කියා සිටියේය.

අද දිනයේ දී ඇල්පිටියේ රැස්වීම් අවසන් වුවත් ජනාධීපතිවරණයේ රැස්වීම් දිගටම පැවැත් වෙන බවත් පැවසු අමාත්‍යවරයා, 10 වැනිදාට ගෝල්ෆේස් පිටිය පුරවන බවත් සජිත් ප්‍රේමදාස මහතා 7 වන ජනාධිපති කරන සටනට සුදානම් වන්නැයි ද පැවසීය.

Rate this item
(0 votes)


DLB Desktop