October 15, 2019

ජනතාව ගොනාට ඇන්දූ නාගාගේ වික්‍රමය

දූෂිත අධිකරණයක් දූෂිත දේශපාලනයක් ගැන කතා කරන, ඊට විසදුම් සෙවීම සඳහා ජනාධිපතිවරණයට ඉදිරපත් වන බව ප්‍රකාශ කළ නාගානන්ද කොඩිතුවක්කු ජනාධිපතිවරණය සඳහා මහජනතාවගෙන් එකතු කළ රුපියල් ලක්ෂ 110කට වැඩි ප්‍රමාණයකට පොල්ලක් තබා ඇති බව හෙළිදරව් වී තිබේ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ජනතාවට පොලු තබන්නේ මැතිවරණයෙන් පසුව වූවද නාගා ජනාධිපතිවරණයේ නාම යෝජනා වලටත් කලින්ම එය කිරිම ඔහුගේ විශේෂ දක්ෂතාවයක් සේ හැඳින්වීමට පුළුවන. 

ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමට මාස 6කට පෙර සිටම 2020 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවට සමාජ මාධ්‍ය ජාලා හරහා විශාල ප්‍රචාරයක් නාගා විසින් ගෙන ගියේය. 

ඒ හරහා මෙරටින් පමණක් නොව විදේශ වලින්ද මුදල් එකතු කරන ලදී. ඒ සඳහා බැංකු ගිණුමක්ද හඳුන්වා දුන් අතර දැන් එම ගිණුම බංකොලොත් වී ඇති බව නාගා කියයි. ඒ අනුව බලද්දී ජනාධිපතිවරණයකට ඉල්ලීමටවත් මුදලක් ඔහු සතුව නැති බව ද පෙනේ. තමන් දැන් ණය කාරයෙකු වී ඇති බවටද නාගා දුක් අදෝනා නගමින් සිටියි. 

ජනාධිපතිවරණට නාම යෝජනා කැඳවීමට දින කිහිපයකට පෙර අන්ත්‍රස්දාන වූ ඔහු නාම යෝජනා දින මැතිවරණ ලේකම් කාර්යාලය අසලින් හිටි හැටියේම මතු වූ තමන් ජවිපෙට සහය දෙන බව ප්‍රකාශ කළේය. 

එහිදී ඔහු තවත් දුක් අදෝනාවක් ඉදිරිපත් කළේය. 

"ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ" පක්ෂයෙන් නාම යෝජනා දෙන බවට පොරොන්දු වී ඒ සම්බන්ධයෙන් තමන් ඒ පක්ෂය සමඟ ගිවිසුමක්ද අත්සන් කළ බව කියන නාගා එම පක්ෂය තමන්ට පිටු පෑ නිසා ජනාධිපතිවරණයේදී තමන්ට ඉල්ලන්න පක්ෂයක් නැති වීමෙන් ජනපති අපේක්ෂක වැඩේ යට ගිය බවත් ප්‍රකාශ කරයි. 

"ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ" පක්ෂයේ තම නාම යෝජනාව මහේෂ් සේනානායක පාර්ශවය විසින් අවහිර කළ බවට නාගා චෝදනා කරයි. මෙය හතර බීරි කතාවකි. මහේෂ් සේනානායක ඉල්ලන්නේ ජාතික ජනතා ව්‍යාපාරයෙනි. ඒ හැරුණු කොට "ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ" පක්ෂයද අපේක්ෂකයෙකු දමා ඇත.  ඒ ප්‍රියන්ත මුනිහත් එදිරිසිංහය. 

වෘත්තියෙන් නීතිඥයෙකු වන නාගාට වැඩ වරද්දවා ගැනීම නිසා වසර තුනක් සිය වෘත්තියේ යෙදීම මීට මාස 5කට පමණ පෙර තහනම් විය.

මේ මජර දේශපාලනය නිසා තමා අමාරුවේ වැටුණ බව නාගා කියයි. ඊට ගොඩ වූ නිසාම තමාට එංගලන්ත පුරවැසිකමද නැති වූ බව කියයි. ජනාධිපතිවරණයේදී අන් ජනාධිපති අපේක්ෂකයන්ටත් වඩා ජනාධිපතිවරණයට පෙර රජ වැඩක් දුන් නාගා චරිතයක් කළේ කවුරුන්ද? අපි අපිටම ටොකු ඇන ගැනීමේ වරදක් නැත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 October 2019 11:37


DLB Desktop