April 24, 2024

"2015 වැඩකාරයා පැරදුණේ වැඩ බැරි ටාසන් කෙනෙක්ට" Featured

2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමට හේතුව තරුණයන්ගේ ඡන්ද ගිලිහී යාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ඇඹිලිපිටියේ පැවති උත්සවයකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

තරුණයන් අතර මහින්ද රාජපක්ෂ මහතා කෙරේ වෛරයක් ඇති කර ඔහු පරාජයට පත් කිරීමට ප්‍රතිවාදීන් ක්‍රියා කළ බවත් එසේ නොමැතිව ඔහු පරාජය වුයේ සුළු ජාතීන්ගේ ඡන්දවලින් නොවන බවත් ඒ මහතා කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ අවස්ථාවට වඩා පරාජය වු 2015 දී ඔහුට සුළු ජාතීන්ගේ ඡන්ද ලැබී තිබු බව ද ඔහු ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට පරාජය වීමට සිදු වුයේ වැඩ බැරි ටාසන් කෙනෙකුට බවයි.

"2015 ජනවාරි 8 වනදා වැඩකාරයා ඡන්දෙන් පරදිනවා. ඡන්දෙන් තවත් වැඩ කාරයෙකුට පැරදුණානම් හිත හදාගන්න තිබ්බා. පැරදුණේ රටේ වෙන දේවල් පත්තරෙන් දකින, රෑ දහයට නිදියන, සින්දු කියන්න දක්ෂ, නටන්න දක්ෂ, බෙර ගහන්න දක්ෂ, ජනාධිපති ජොබ් එක හැර අනිත් ඕනෙ දේකට දක්ෂ කෙනෙක්ට. පොලිස්පති අස් කරගන්න බෑ, අමාත්‍යංශයකට ලේකම් කෙනෙක් පත් කරගන්න බෑ, ඡන්දයක් තියාගන්න බෑ, ඇමතිවරයෙක් අස් කර ගන්න බෑ, රනිල් හොරා කෑවා කියලා අවුරුදු 4ක් කියවනවා දඬුවම් දීගන්න බෑ, අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න ගන්න බෑ, අපිටද ගෙන්න ගන්න කියන්නේ? මේ වගේ වැඩ බැරි ටාසන් කෙනෙකුටයි වැඩකාරයා 2015 දී පැරදුණේ." යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

Last modified on Tuesday, 20 August 2019 08:52