April 20, 2024

කඳුළු ගෑස් නැවතූ පා ගමන

සරසවි සිසුන් කැළණිය සරසවියේ සිට කොළඹ කොටුව දක්වා ආරම්භ කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට කොළඹ‍, කොටුව ප්‍ර‍දේශයේදී පොලීසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මෙම සරසවි සිසුන්ගේ විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඔවුන් විසුරුවා හැරීමට මෙම පියවර ගත් බව පොලීසිය පවසයි. 

මේ වනවිට විරෝධතා පා ගමනට පැමිණි සරසවි සිසුන් කොළඹ,  කොටුව, සෙරමික් මංසන්ධිය ආසන්නයේ රැඳී සිටින බව වාර්තා වේ.

විශ්වවිද්‍යාල තුළ පවතින ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කළ පාගමනක් කැළණිය සරසවියේ සිට කොළඹ, කොටුව වෙත ගමන් කළේ ය.

මහජනතාවට අවහිර වන පරිදි විරෝධතාවයේ යෙදීම තහනම් කරමින් මහර මහේස්ත්‍රාත් අධිකරණය විශ්වවිද්‍යාල සිසුන් 15 දෙනෙකුට අද (19) වාරණ නියෝගයක්ද නිකුත් කර තිබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 March 2014 16:30