March 29, 2024

"අපි හොඳින් - සතුටින්" සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වූ දියණිය ගැන රංගේ බණ්ඩාර තැබූ සටහන

September 11, 2020

පාලිත රංගේ බණ්ඩාර සිය මුහුණු පොතට දියණියන් සමඟ සිටින නවතම ඡායාරූපයක් එක් කර තිබෙනවා.

ඔහු එහි "අපි හොඳින් - සතුටින්" ලෙස සටහන් කර තිබෙනවා.

රංගේ බණ්ඩාර මහතාගේ එක් දියණියක් වන එරන්ති රංගේ බණ්ඩාර ගැන පසුගිය දිනවල සමාජ මාධ්යයේ දැඩි කතාබහක් ඇති වුනේ ඇය විසින් වීඩියෝවක් සමාජ මාධ්ය වෙත මුදා හැරීමත් සමඟයි.

වසර හතරක් තමා සමඟ ජීවත් වූ ස්වාමිපුරුෂයා තමන්ව කුණු මාළු කෑල්ලක් සේ වීසි කළ බව කියූ ඇය එම වීඩියෝව අවසානයේ කිසියම් පෙති වර්ගයක් ද පානය කරන අයුරු දකින්නට ලැබුනා.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර හිටපු මන්ත්‍රීවරයා කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැහැ.

ඉන් අනතුරුව ප්‍රථම වරට ඔහු මෙසේ ජායාරූපයකින් සටහනක් තබා තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 September 2020 15:30