March 28, 2024

කිලෝ 300 කෙලවල්ලාගේ කතාව

මිගමු ධිවර ඉතිහාසය තුළ විශාලතම කෙලවල්ලෙකු බහුදින ට්‍රෝලර් යාත්‍රාවක පසුවී තිබිණි.

පසුගිය මැයි 7 වෙනිදා මුහුදට ගොස් තිබුණ එම ට්‍රෝලර් යාත්‍රාව ආපසු ගොඩබිමට පැමිණෙමින් තිබියදී මීට දින පහකට පෙර මේ දැවැන්ත කෙලවල්ලා අසු කර ගන්නට එම යාත්‍රාවේ සිටි ධීවර පිරිස සමත් විය.

කිලෝ 300කටත් වඩා බරැති මේ කෙලවල්ලා ඉතා මිල අධික බ්ලුෆින් ටුනා වර්ගයට අයත් බව කියවේ.

ඊයේ දිනයේ ලහි ලහියේ මේ කෙලවල්ලා ජපානයට අපනයනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කර තිබුන බව රුචිර කුරේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.

Rate this item
(0 votes)