March 29, 2024

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති නා හිමියෝ වැඩ භාර ගනිති

December 02, 2019

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත පශ්චාත් පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව අධ්‍යක්ෂකවරයා ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චියේ ධම්මජෝති නා හිමියන් අද දින වැඩ භාරගන්නා ලදි .

මෙම අවස්ථාවට ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පූජ්‍ය වල්පොළ පියනන්ද හිමියන් , දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සංඝ නායක කිරම විමලජෝති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද පශ්චාත් පාලි ආයතනය කාර්ය මණ්ඩලය ද සහභාගි විය.

Rate this item
(1 Vote)